27th March 2025 17:52:23 Hours
මේජර් ජෙනරාල් කේඩීඑම්එල් සමරදීවාකර ආර් ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී පීඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 18 වන සේනාංකාධිපති වශයෙන් 57 වන පාබල සේනාංකය පාන්ගොල්ල කදවුරේදි ආගමික වතාවක් මධ්‍යයේ හා යුධ හමුදා සම්ප්‍රධායන්ට අනුව 2025 මාර්තු මස 17 වන දින සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි.
නව සේනාංකාධිපතිතුමන්ව 57 වන පාබල සේනාංකයේ සියලුම මාණ්ඩලික නිලධාරින් හා භට පිරිස් විසින් උණුසුම්ව පිලිගත් අතර, 8 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් කදවුරු මුරයක් පිරිනැමිමෙන් අනතුරුව සේනාංකාය් භටපිරිස් අමතා සියලු නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගී වන ලදි.