27th March 2025 17:47:26 Hours
ශ්‍රී සුබෝදි ජූනියර් විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 මාර්තු 14 වන දින පාසල් ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවට විදුහල්පතිවරයාගේ ආරාධනයකට අනුව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 144 පාබල බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් බී වයි සී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී සහභාගි වූයේය.
උත්සවය අතරතුරදී, 144 පාබල බලසේනාවේ බලසේනාංකාධිපති රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කරමින් පෞරුෂත්වය ගොඩනැඟීමේදී හා සංවර්ධනයේදී ක්‍රීඩාවේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. පසුව ජයග්‍රාහකයින් වෙත සම්මාන ප්‍රදානය කිරීමේ අවස්ථාවටද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි එක්විය.