27th March 2025 17:27:39 Hours
8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අංක 2025/1 දරන බලඇණි පුහුණු පාඨමාලාව 2025 මාර්තු 17 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ පාලනය වන පුත්තලම බලඇණි පුහුණු පාසලේදී ආරම්භ විය. මෙම පාඨමාලාවේ ආරම්භය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 වන පාබල බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර් ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී මෙම අවස්ථාවට සහභාගී විය. නිලධාරීන් 11 දෙනෙකු සහ සෙසු නිලයන් 356 දෙනෙකු ඇතුළත් පාඨමාලාවේ නිල ආරම්භය සනිටුහන් කරමින් පුහුණු වැඩසටහන ආරම්භ විය.
එමේන්ම මෙම බලඇණි පුහුණු පාඨමාලාවේ අරමුණ වශයෙන් සටන් කාර්යක්ෂමතාව සහ මෙහෙයුම් විශිෂ්ටත්වය පවත්වා ගැනීමේ යුද හමුදා පුළුල් අරමුණු සමඟ සමපාත වෙමින් සහභාගී වන භට පිරිස්වල මෙහෙයුම් සූදානම, උපායශීලී ප්‍රවීණතාවය සහ වෘත්තීය නිපුණතා වැඩි දියුණු කිරීමයි.
මෙම ව්‍යුහගත පුහුණු වැඩසටහන 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින්ගේ වෘත්තීය ප්‍රමිතීන් සහ මෙහෙවර සූදානම ශක්තිමත් කිරීමට සැලකිය යුතු ලෙස දායක වනු ඇතැයි අපේක්ෂා කරන අතර, අනාගත මෙහෙයුම් අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීමට ඔවුන්ගේ සූදානම ස්මතු කරයි.