Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

27th March 2025 15:57:02 Hours

573 පාබල බලසේනා මූලස්ථානයේ පැළ සිටුවීමේ වැඩසටහන

කොළඹ විශ්ව විද්‍යාලයේ 2023/2025 MBA මූල්‍ය කළමනාකරණ පාඨමාලාවේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘතියේ කොටසක් ලෙස සංවිධානය කරන ලද පොල් පැළ 200 ක් සිටුවීමේ වැඩසටහනක් 2025.03.14 වන දින පැවැත්විණි. මෙම වැඩසටහන 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ නායකත්වය සහ සම්බන්ධීකරණය යටතේ සහ 573 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. 573 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් එස් ඩබ්ලිව් පී එම් එච් ආර් සේනාධීර ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණ පීඨයේ ආචාර්ය ඩබ්ලිව්. ප්‍රේමරත්න ගමගේ මහතා, 2023/2025 MBA මූල්‍ය කළමනාකරණ පාඨමාලාවේ සාමාජිකයින් 34 දෙනෙකු මෙන්ම, ඇල්පිටිය ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක, දිස්ත්‍රික් පොල් සංවර්ධන නිලධාරී, ප්‍රාදේශීය පොල් සංවර්ධන මණ්ඩලයේ සංවර්ධන නිලධාරී සහ 61 වන පාබල සේනාංකයේ සිවිල් කටයුතු නිලධාරී, 573 වන පාබල බලසේනාවේ බලසේනාධිපති යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගිත්වයෙන් සිදුවිය.