27th March 2025 15:44:23 Hours
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණි විජේසිංහ මහත්මියගේ නායකත්වයෙන්, පෞද්ගලික ලේකම් ගයාන් ප්‍රනාන්දු මහතා සහ මාදම්පේ ප්‍රදේශ සංවිධායක සී කන්නන්ගර මහතා සහ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය සංජීව තිරිමාන්න මහතාගේ සහභාගීත්වයෙන්, 2025 මාර්තු 15 වන දින ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මාදම්පේ ප්‍රාදේශීය රෝහල සඳහා පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
මෙම වැඩසටහන මාදම්පේ ප්‍රාදේශීය සභාවේ සහාය ඇතිව සිදු කරන ලදී. 143 පාබල බලසේනාවේ බලසේනාංකාධිපතිගේ සහ 7 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී ගේ අධීක්ෂණය යටතේ 7 වන ගජබා රෙජිමේන්තුවේ හි 02 X 40 භට පිරිස් සහභාගීත්වයෙන්, සණස සම්මේලනයේ ශ්‍රම බලකාය, රෝහල් කාර්ය මණ්ඩලය සහ සිවිල් වැසියන් 40 දෙනෙකු සමඟ මාදම්පේ ප්‍රාදේශීය රෝහල පිරිසිදු කිරීම් සදහා සහභාගි වන ලදී.