Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

27th March 2025 15:34:27 Hours

පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන

යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව, "පිරිසිදු ශ්‍රී ලංකාව" වැඩසටහනට සමගාමීව, ප්‍රමුඛතා ප්‍රතිපත්තියට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලයේ තෝරාගත් අඩු පහසුකම් සහිත පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලද අතර එහි සමාරම්භක උත්සවය 2025.03.10 වන දින "පිරිසිදු අධ්‍යාපනික පරිසරයක්" යන තේමාව යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ජා-ඇල පමුණුගම ගොන්සාල්වේස් විද්‍යාලයේ දී මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ඒ අනුව මෙම වැඩසටහන ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මඟ පෙන්වීම යටතේ සහ 141 පාබල බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර් ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී සහ 6 වන ක්ෂේත්‍ර රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එන් සී කරුණාරත්න ආර්එස්පී යූඑස්පී, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සදහා 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 6 වන ක්ෂේත්‍ර රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් සහ පාසලේ දේවගැතිවරයා, පාසලේ විදුහල්පති සහ කාර්ය මණ්ඩලය, රජයේ නිලධාරීන්, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, දෙමාපියන් සහ සිසුන් සහභාගී විය.