Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th March 2025 10:39:35 Hours

CLEAN SRI LANKA වැඩසටහන යටතේ 14 පාබල සේනාංකයේ පාසල් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන

CLEAN SRI LANKA “ වැඩසටහනට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත තෝරාගත් ප්‍රාථමික විද්‍යාලය වන පූගොඩ සහ පහළයාගොඩ ශ්‍රී ස්වර්ණපාලි මහා විද්‍යාල යන පාසල් වල පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 20 වන දින මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

ඒ අනුව මෙම වැඩසටහන් ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මඟ පෙන්වීම යටතේ සහ 141 පාබල බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් ආර් ආර් ද එස් ධර්මවික්‍රම ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරන ලදී.

තවද 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් සහ කොමු 15 භටපිරිස් සමඟ "පිරිසිදු අධ්‍යාපනික පරිසරයක්" යන තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කර පවත්වන ලදී.

මෙම අවස්ථාවට ගම්පහ සහකාර ප්‍රාදේශීය ලේකම්, ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්ෂ, ගනේමුල්ල සහ පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරුන්, පහළයාගොඩ සහ පැල්පිට ග්‍රාමනිලධාරීන්, පහළයාගොඩ සහ පැල්පිට විහාරස්ථානවල විහාරාධිපතිවරුන්, දෙමාපියන්, ගුරුවරුන් සහ පාසල් සිසුන්, ආදිශිෂ්‍ය සංගම් සහ තවත් බොහෝ නිලධාරීන් සහභාගී වූහ.