Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th February 2025 17:37:25 Hours

57 වන පාබල සේනාංකය විසින් රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

77 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර් ඩබිලිව් පී ආර් එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, ජනසෙත ආයතනයේ තුසිත ප්‍රියංග පියතුමා සහ ඔහුගේ කණ්ඩායම සමඟ සම්බන්ධතාවයෙන් 57 වන පාබල සේනාංකය රුක් රෝපණ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 වන දින උත්කර් ෂවත් අන්දමින් පවත්වන ලදී.

2025 පෙබරවාරි 04 වන දින පාන්ගොල්ල කඳවුරු පරිශ්‍රයේ පැවති මෙම වැඩසටහන සදහා ජනසෙත පදනම මගින් අඹ පැල 100කට අධික ප්‍රමාණයක් ලබාදුන් අතර, මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසුනිලයින් 100 දෙනෙකු සහභාගී විය.