07th February 2025 11:58:22 Hours
77 වන ජාතික නිදහස් දිනය සැමරීම සඳහා, 6 වන කාලතුවක්කු රෙජිමේන්තුව සහ 8 වන බලඇණිය පාබල රෙජිමේන්තුවේ නිලධාරි/සෙසුනිලයින් විසින් වැඩිහිටි පදිංචිකරුවන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සහාය වීම සඳහා ප්‍රජා සේවා ව්‍යාපෘති සංවිධානය කරන ලදී.
2025 පෙබරවාරි 02 සහ 04 යන දිනවල කහටෝවිට අත්තනගල්ල “සෙවණ” වැඩිහිටි නිවාසයේ වැඩිහිටි පදිංචිකරුවන් 18 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට මෙන්ම “ඉසුරු” ළමා නිවාසයේ ළමුන් 20 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකුට දිවා ආහාරය ලබා දෙන ලදී.
මීට අමතරව, ආයතන දෙකෙහිම යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා පරිත්‍යාග වශයෙන් වැඩිහිටි නිවාසයට යකඩ ඇඳන් දෙකක්, ප්ලාස්ටික් ඇඳුම් බහාලුම් දෙකක් සහ අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදුන් අතර, ළමා නිවාසයට ලිපි ද්‍රව්‍ය ලබා දෙන ලදී.
14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර් ආර් එස් ධර්මවික්‍රම ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන පවත්වන ලදී. 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එන් සී කරුණාරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ 8 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් වයි ඩී එන් ද සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිව් සහ එම ඒකක වල භට පිරිස් විසින් මෙම කටයුත්ත සාර්ථකව සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.