07th February 2025 11:09:21 Hours
“Clean Sri Lanka” ව්‍යාපෘතියට සහ එහි ප්‍රධාන අභිලාෂය වන මව්බිම අලංකාර කිරීම සහ ක්‍රමවත් කිරිමෙි රජයේ ප්රයත්නයට සමගාමිව, ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ඒඑච්එල්ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර් එස්පි එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සෘජු අධීක්ෂණය යටතේ හා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසූරිය ආ ර් ඩබිලිවිපි ආර් එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත, 611 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ 2025 ජනවාරි මස 30 වන දින 0900 පැයට පින්නවල අලි අනාථාගාර පරිශ්‍ර යේ රුක්රෝපණ වැඩසටහනක් උත්කර් ෂවත් අන්දමින් පවත්වන ලදි.
ඒ අනුව ඔවුන් අලි අනාථාගාරය තුල තෝරාගත් භූමියක පැළ 500 ක් රෝපණය කල අතර, එම උත්සව අවස්ථාව සදහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම්, කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති, රබුක්කන ප්‍ර දේශිය ලේඛම්, නියෝජ්‍ය අධ්යක්ෂ ජෙනරාල් අලි අනාථාගාරය සහ දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරී සහභාගී වන ලදි. තවද, පින්නවල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමිය සහ එම පාසලේ සිසු සිසුවියන් විශාල සංඛාවක් සහභාගී වු අතර, එම අවස්ථාවෙිදි අලි අනාථාගාරය නැරඹිමට පැමිණි විදේශිකයන් ද මෙම ප්රයත්නය සඳහා ඔවුන්ගේද දායකත්වය ලබාදෙන ලදි.