Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th February 2025 09:36:15 Hours

14 වන පාබල සේනාංකයේ භට පිරිස් මහරගම අපේක්ෂා රෝහලට රුධිරය පරිත්‍යාග කරයි

ප්‍රශංසනීය මානුෂීය මුලපිරීමක් ලෙස, යමුනා වීරතුංග පදනම 2025 ජනවාරි 30 වන දින පෙ.ව. 0900 සිට ප.ව. 1500 දක්වා රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන පවත්වන ලද්දේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ට, විශේෂයෙන් රසායනික චිකිත්සාව සහ අනෙකුත් දැඩි ප්‍රතිකාර ලබා ගන්නා අයට අත්‍යවශ්‍ය රුධිර පාරවිලයනයක අඛණ්ඩ අවශ්‍යතාවය සපුරාලීමේ අරමුණින් ය.

මෙම අරමුණෙහි වැදගත්කම හඳුනා ගනිමින්, 14 වන පාබල සේනාකාධිපති මේජර් ජෙනරාල් කේ ජේ එන් එම් පී කේ නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ නායකත්වය සහ මග පෙන්වීම යටතේ මෙම වැඩසටහන පැවැත්වු අතර, මෙම වැඩසටහන සදහා 141 වන පාබල සේනාංකය, 144 වන පාබල සේනාංකය සහ 612 වන පාබල සේනාංකය යටතේ ඇති ඒකකවල භට පිරිස් 110 දෙනෙකු ස්වේච්ඡාවෙන් රුධිරය පරිත්‍යාග කළහ. ඔවුන්ගේ පරාර්ථකාමී දායකත්වය ජාතික ආරක්ෂාව සඳහා පමණක් නොව සමාජ සුභසාධනය සහ මානුෂීය උත්සාහයන් සඳහා ද හමුදාවේ නොසැලෙන කැපවීම ඉස්මතු කරයි.

අපේක්ෂා රෝහල සහ මෙම පරිත්‍යාගයන්ගෙන් ප්‍රතිලාභ ලබන රෝගීන් මෙම මුලපිරීමට සහභාගී වූ සියලු දෙනාටම ඔවුන්ගේ ගැඹුරු කෘතඥතාව පළ කරති. ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය සහ අනුකම්පාව නිසැකවම බොහෝ දෙනෙකුගේ ජීවිතවල සදාකාලික වෙනසක් ඇති කරනු ඇත.