17th January 2025 12:11:27 Hours
රජයේ සංකල්පයක් යටතේ ආරම්භ කරන ලද “Clean Sri Lanka” වැඩසටහනේ කොටසක් වශයෙන්, 2025 ජනවාරි මස 16 වන දින 0730 සිට 1130 දක්වා මාතර, දෙවිනුවර සහ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපාරයක් “පොහොසත් රටක් ලස්සන ජිවිතයක්” යන තේමාව යටතේ පවත්වන ලදී.
මෙම වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්තා ගම්මැද්දගේ මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා සහ අනෙකුත් රජයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම මෙහෙයුම සඳහා 613 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් පී ජී ඩී සම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 9 වන බලඇණියේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වැඩබලන දෙවන අණදෙන නිලධාරී මේජර් යූ කේ එස් ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු හමුදා නියෝජිතයින් ද සහභාගී විය.
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති වන මේජර් ජෙනරාල් කේටීපී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධීක්ෂණය යටතේ සහ 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී ජී සී එස් ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පීගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ, අණදෙන නිලධාරීන් විසින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන පහත සඳහන් ස්ථානවල සිදුකරන ලදී.
මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය:
• මාතර වෙරළ
• මාතර වෙරළ උද්‍යානය
• නිල්වලා ගං මෝය
• තොටමුව වෙරළ
• පොල්හේන වෙරළ
දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය:
• නිල්වැල්ල
• දූවගහවැල්ල
• හිරිකැටිය වෙරළ
• පෙහෙබිය වෙරළ
• බතිගම වෙරළ
• සුදුවැල්ල වෙරළ
• බෙලිවත්ත වෙරළ
දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය:
• ගන්දර
• වවුව වැල්ල
• කිරලවැල්ල
• කයිසාවැල්ල
• නුන්නවැල්ල
පිරිසිදු කිරීමේ මුලපිරීම පහත සඳහන් ස්ථානවල ක්‍රියාකාරී සහභාගීත්වයෙන් සිදු කරන ලදී:
• ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ (SLSR) 9 වන බලඇණියේ භටයින් 2 x 50
• 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටයින් 2 x 50
පිරිසිදු හරිත ශ්‍රී ලංකාවක් යන ජාතික ඉලක්කයට අනුකූලව, පාරිසරික පිරිසිදුකම ප්‍රවර්ධනය කිරීම සහ මාතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩසටහන වැදගත් පියවරක් විය.