Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th January 2025 11:18:50 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිල සංචාරයක නිරත වෙති

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2024 දෙසැම්බර් 24 වන දින 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිල සංචාරයක නිරත විය.

එහිදි ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපතිතුමන්ව 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී මේජර් එස් එම් ඒ ඩී සී එම් සම්මන්දප්පෙරුම යූඑස්පී එල්එස්සී ශ්‍රිලංවියාඉ විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, අණදෙන නිලධාරී විසින් ඒකකයේ වගකීම් සහ අඛණ්ඩ ව්‍යාපෘති පිළිබඳව කෙටි සාකච්ඡාවකින් පසුව ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපතිතුමන් සමග සමූහ ඡායාරූපයක් සදහා සහභාගි වන ලදී.

එමේන්ම ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති තුමන් විසින් භට පිරිස් අමතමින් රාජකාරි ඉටුකිරීමේදී වෘත්තීයභාවය, කාර්යක්ෂමතාව සහ වගවීමේ තීරණාත්මක වැදගත්කම සහ සොල්දාදුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම, විනය පවත්වා ගැනීම සඳහා පුහුණු වැඩසටහන් වල වටිනාකම ආඥාපති තුමන් විසින් භටපිරිස් හට අවධාරණය කරන ලදි.

තවද එතුමන් විසින්, පුද්ගලික සහ සංවිධානාත්මක විනය ශක්තිමත් කිරීම්, නීති විරෝධී ක්‍රියාකාරකම් වළක්වා ගැනීම්, සහ රජය විසින් ක්‍රියාත්මක වන "පිරිසිදු ශ්‍රී ලංකා" යන වැඩසටහන සදහා සහාය දැක්වීමේ අවශ්‍යතාවය ආඥාපති තුමන් විසින් අවධාරණය කළ අතර පිරිසිදු මානසිකත්වයන් ප්‍රවර්ධනය කිරීම, ධනාත්මක ආකල්ප පෝෂණය කිරීම, ගුණාත්මක වැඩ සහතික කිරීම, උපරිම කාර්යක්ෂමතාව ළඟා කර ගැනීම සහ වංචා සහ මූල්‍ය විෂමාචාර තුරන් කිරීම මගින් මෙම ජාතික වැඩසටහනට අනුකූල වීමට ඔහු කැපවී සිටින බව එතුමන් ප්‍රකාශ කරන ලදි.

එමේන්ම ආඥාපති තුමන් විසින් 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ කඳවුරු පරිශ්‍රය පරීක්ෂා කළ අතර, බලකායේ අමුත්තන්ගේ පොත්හි ආඥාපතිතුමන් විසින් අත්සන් තැබීමෙන් පසු ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපතිගේ සංචාරය අවසන් විය.

මෙම කඳවුරු සංචාරය සදහා භකාස අණසක ආඥාපති බ්‍රිගේඩියර් එච් එම් එස් අයි සෙනරත් සහ ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් පාලන භාකාස බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ද සහභාගි වන ලදි.