16th January 2025 09:33:17 Hours
ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි විසින් 2024 දෙසැම්බර් 13 වන දින ආරක්ෂක සේනා මුලස්ථානයේ (බටහිර) රාජකාරි කරනු ලබන සෙසුනිලයින් හා සිවිල් සේවක මහතුන් හට වියළි සලාක බෙදාහැරීමේ වැඩසටහනක් පවත්වන ලදි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු සහ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ මහත්මියගේ සංකල්පයක් මත ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් තවත් වියළි සලාක ඇසුරුම් තොගයක් ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) රාජකාරි නියුතු ආර්ථික අපහසුතා ඇති සෙසුනිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය 19 දෙනෙකු අතර, බෙදාදීම සදහා යුහ සේවා වනිතා ඒකකය වෙතින් පරිත්‍යාග කරන ලදි.
මෙම අවස්ථාවට ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ජී එස් කේ පෙරේරා ආර්එස්පී එන්ඩීසී, සහ ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරින් මෙම වැඩසටහනට ද සහභාගී විය.