15th January 2025 17:07:48 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි පිඑස්සි යන ජේෂ්ඨ නිලධාරි තුමන් දෙසැම්බර් මස 12 වන දින පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරයේ ගෞතම බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී පාද වාර්ෂික වන්දනා සමය ආරම්භ කිරීමේ ආගමික වතාවත් සඳහා සහභාගී විය.
2024 - 2025 ශ්‍රී පාද වන්දනා වාරයේ ආරම්භය සනිටුහන් කිරිම උදෙසා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී පාද රාජමහා විහාරයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතු කරඬුව, සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව, දේවාභරණ, ආදිය තැන්පත් කර එය බෛද්ධ ජනයා සදහා වන්දනාම කිරිම සදහා පිටතට ගෙන ඇත.
වන්දනාමාන කිරිමේන් පසු ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ සිට සධාතුක කරඬුව සහ සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව පෙරහැරකින් වැඩම කරවා ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් පිංකම ආරම්භ කෙරිණි.
මෙම පුන්‍ය කටයුත්ත සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රමානි තුමන් ඇතුළු ජේෂ්ඨ නිලධාරි රැසක් සහ සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, පිටකොටුව දිසා මහේස්ත්‍රාත් තිළිණ ගමගේ, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති රත්නපුර, රත්නපුර දිස්ත්‍රික් ලේකම් එස් පවිත්‍රා දයාරත්න මහතා ද අනෙකුත් විහාරස්ථානවල ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ ඌරුවරිගේ වන්නිල ඇත්තෝද මෙම පුන්‍ය කටයුත්ත සදහා සහභාගි වන ලදි.