Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th January 2025 11:13:46 Hours

බදාදා පුහුණුවීම් දිනයට සමගාමීව බෝවන රෝග වලින් ආරක්‍ෂා වීම හා දැනුවත් වීම සබැදිව හරවත් දේශණයක් සිදුකරන ලදි

2025 ජනවාරි මස 08 වන දිනට යෙදී ඇති බදාදා පුහුණුවීම් දිනයට සමගාමීව 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී ‘බෝවන රෝග වලින් ආරක්‍ෂා වීම හා දැනුවත් වීම’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත මෙම දේශණය පැවැත් වු අතර එමගින් දැනට සමාජගත වී තිබෙන එච්අයිවී ඒඩ්ස් රෝගය, ඉන්ෆ්ලුවෙන්සා, මී උණ, නිව්මොනියාව හා ඩෙංගු යන රෝග වැලදෙන්නේ කෙසේද? එම රෝගයන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා අප ගතයුතු ක්‍රියාමාර්ග මොනවද? එම රෝග වැලදීමෙන් පසු අප කල යුත්තේ කුමක්ද? භාවිතා කල යුතු හෙල ඔසු වර්ග මොනවද? යන කරුණු පිළිබඳව දැනුවත් කරන ලදි.

තවද, මෙම දේශණය සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) නිලධාරි 06 දෙනෙකු සහ සෙසුනිලයින් 176 දෙනෙකු සහභාගි වු අතර 2 (සෙවේ) ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතන් කේ.ජී.ඩී.ආර් ද සිල්වා විසින් එහිදී එච්අයිවී/ඒඩ්ස්, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙංගු, නියුමෝනියාව සහ චිකුන්ගුන්යා යන බෝවන රෝග සම්ප්‍රේෂණය, වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම වැනි විවිධ මාතෘකා යටතේ මෙම හරවත් දේශනය පවත්වන ලදි.