14th January 2025 10:50:48 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා ආර්එස්පී එන්ඩියු පීඑස්සී, සහ 61 සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ 2025.01.06 වන දින 573 පාබල සේනාංකයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
573 පාබල බලසේනා මූලස්ථානය වෙත පැමිණි මේජර් ජෙනරාල් කේ ටී පී ද සිල්වා, බලසේනාධිපති කර්නල් එස් ඩබ්ලිව් පී එම් එච් ආර් සේනාධීර ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර, ආරක්ෂක මුරයක් පිරිනමන ලදී.
මෙම සංචාරය අතරතුර, 2024 ජූලි 25 වන දින 573 පාබල බලසේනාව පිහිටුවීමෙන් පසු අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව බලසේනාධිපති විසින් සේනාංකාධිපති වෙත දැනුම් දෙන ලදී.
මෙම කරුණු දැක්වීමෙන් අනතුරුව, සේනාංකාධිපති විසින් අලුතින් ඉදිකරන ලද ප්‍රවේශ දොරටුව, සෙසුනිලයින්ගේ, සනීපාරක්ෂක පද්ධතිය, නිලධාරීන්ගේ නාන කාමර සහ බලසේනාධිපතිගේ නිවස්නය ඇතුළු පහසුකම් නිරීක්ෂණය කරන ලදී. තවද සේනාංකාධිපති සමූහ ඡායාරූපයක් ලබාගැනිමෙන් අනතුරුව සිය සංචාරය අවසන් කරන ලදි.