Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd December 2024 17:41:24 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - (බටහිර) වෙතින් හමුදා සාහිත්‍යය පිළිබඳ මනෝවිද්‍යාත්මක දේශණයක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ එච් එල් ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 දෙසැම්බර් මස 18 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී මනෝවිද්‍යාත්මක දේශනයක් පවත්වන ලදී.

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සේවයේ නියුතු ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. චාමින්ද එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් ‘යුද සාහිත්‍යය තුළින් රණවිරු අභිප්‍රේරණය’ මැයෙන් මෙම දේශනය පැවැත්වීය.

එම දේශනයේදී දරාගැනීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම, චිත්ත ධෛර්යය ඉහළ නැංවීම සහ රණවිරුවන් අභිප්‍රේරණය කිරීම සඳහා හමුදා සාහිත්‍යයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කරන අතර, මෙම දේශණය සදහා නිලධාරි 08 දෙනෙකු සහ සෙසු නිලයින් 151 දෙනෙකු සහභාගි වන ලදි.

තවද ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) බ්‍රේගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජි එස් කේ පෙරේරා ආර්එස්පි එන්ඩිසි විසින් දේශණය පැවැත්වු ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. චාමින්ද එදිරිසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මෙම කැපවිම අගය කරන ලදි.