22nd December 2024 15:33:01 Hours
573 පාබල බලසේනාවේ නව බලසේනාධිපති වශයෙන් කර්නල් එස් ඩබ්ලිව් පී එම් එච් ආර් සේනාධීර ආර්ඩබ්ලිව්පී යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 දෙසැම්බර් 04 වන දින ඇල්පිටිය බලසේනා මූලස්ථානයේදී රාජකාරී ආරම්භ කරන ලදී.
කඳවුරු මුරයේ ගෞරවාචාරය සමගින් උත්සවය ආරම්භ වූ අතර, නව බලසේනාධිපති විසින් බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී පැළ සිටුවීමේ අනතුරුව, බලසේනාධිපති කර්නල් එස් ඩබ්ලිව් පී එම් එච් ආර් සේනාධීර ආර්ඩබ්ලිව්පී යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයක් සදහා එතුමන් සහභාගි විය.
ඉන් අනතුරුව, ඔහු භට පිරිස් අමතමින්, බළසේනාවේ මෙහෙවර, යුද හමුදාවේ මූලික වටිනාකම් සහ බලසේනාවේ අනාගත සැලසුම් පිළිබඳ තම දැක්ම අවධාරණය කළ අතර සුහදත්වය සහ එකමුතුකම පෝෂණය කරමින් සියලු නිලයන්ගේ තේ පැන් සංග්‍රහයකින් දිනය අවසන් විය.
මෙම වැඩසටහන සඳහා මාණ්ඩලික නිලධාරීන්, ඔහු යටතේ ඇති බලඇණිවල අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.