Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd December 2024 12:43:32 Hours

16 වැනි බලඇණිය ගජබා රෙජිමේන්තුව මගින් ගංවතුරෙන් අවතැන් වු භඨපිරිස් සදහා ආපදා සහන කටයුතු සිදුකිරීම

මේජර් ජෙනරාල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් කේ ඒ ඩී ටී පී විමලසේන ආර්ඩබ්ලිව් ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ හා 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් 01 X 25ක භටපිරිස් ප්‍රමාණයක් 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් සපයන ලදී. ආපදා සහන ආධාර 2024 නොවැම්බර් 27 වන දින මහජනතාව වෙත ලබාදී ඇත.

අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ (ඒ 12) සිරම්බිඅඩිය ප්‍රදේශයේදී දැවැන්ත ගසක් කඩා වැටීමෙන් හා ගමනාගමනයට බාධා ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බාධා ඉවත් කිරීම සඳහා 16 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව සිදුකර ඇත. ඔවුන්ගේ කඩිනම් සහ ඵලදායී ක්‍රියාමාර්ගය නිසා රථවාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් වූ අතර මහජනතාවට සිදුවන අපහසුතාවයන් අවම විය.

මෙම මෙහෙයුම ජාතියට සේවය කිරීම සඳහා හමුදාවේ කැපවීම සහ හදිසි අවස්ථා වලදී සිවිල් වැසියන්ට තීරණාත්මක සහාය ලබාදීම ඉස්මතු කරයි.