27th November 2024 11:59:45 Hours
2024 නොවැම්බර් 25 සහ 26 යන දෙදින තුල මාතර දිස්ත්රික්කයේ අකුරැස්ස, මාලිම්බඩ සහ අතුරලිය ප්රාදේශීය ලේකම් බලප්රදේශයන්හි අධික වර්ෂාපතනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා 61 වන පාබල සේනාංකයේ භඨපිරිස් ආපදා සහන මෙහෙයුම් සඳහා ක්රියාකාරීව සම්බන්ධ වී ඇත.
මීට අමතරව 61 වන පාබල සේනාංකය හා 613 පාබල බලසේනාව, 9 වන බලඇණිය ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 (සෙව්) ගැමුණු හේවා බලකායේ සාමාජිකයින් මෙම මෙහෙයුම් සඳහා සහභාගී වී ඇති අතර, 2024 අ.පො.ස. උසස් පෙල සඳහා පෙනී සිටින පාසල් සිසුන් හා අවතැන් වූ පුද්ගලයින් සඳහා ප්රවාහන පහසුකම් සැපයීම සඳහා යුනිබෆල් වාහන හතරක් යොදවා ඇති අතර, 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ සමීප අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදු කරන ලදී.