25th November 2024 23:38:18 Hours
143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ 16 වන ගජබා රෙජිමේන්තුවේ වැඩබලන අණදෙන නිළධාරීගේ අධීක්ෂණය යටතේ 2024 නොවැම්බර් 24 වන දින කල්පිටිය ඉලන්තඩිය මුහුදුබඩ ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.
එම පරිසර සංරක්ෂණයට දායක වීම හා වෙරළබඩ ප්‍රදේශ පිරිසිදුව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සහ භටපිරිස් සහ ප්‍රාදේශීය ප්‍රජාව අතර පරිසරය පිළිබඳ වගකීමක් හා හැඟීමක් ඇති කිරීම සඳහා මෙම මුලපිරීම සංවිධානය කරන ලදී.
මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා ගජබා රෙජිමේන්තුවේ 16 වන බලඇණියේ නිලධාරීන් 3ක් සහ සෙසුනිලයින් 30ක් සහභාගී විය. දේශීය ජනතාව සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගනිමින් පරිසරය සුරැකීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ කැපවීම මෙම අවස්ථාවෙන් පෙන්නුම් කළේය.