25th November 2024 23:35:40 Hours
සීමාසහිත ලංකා පෙට්‍රෝලියම් ගබඩා පර්යන්ත (CPSTL) ගිනි හා ආරක්‍ෂක කාර්යාංශය විසින් 2024 නොවැම්බර් 21 දින මාගල්ල ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ දී හදිසි ගිනි පෙරහුරුවක් සංවිධානය කරන ලදී.
මෙම අභ්‍යාසය 1030 පැයේ සිට 1230 පැය දක්වා සූදානම් කර තිබු අතර, එම තොග තෙල් ගබඩාවේ සිදුවිය හැකි ගිනි ගැනීම් වෙනත් හදිසි තත්වයකදී ගත යුතු ක්‍රියාමාර්ග හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව පිලිබද දැනුවත් කරන ලදි.
මෙම වැඩසටහන සඳහා සක්‍රීයව දායක වූ 2(සෙව්) ගැමුණු හේවා බලකායේ නිලධාරි 01ක් සහ සෙසුනිලයින් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය. තවද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද මේ සදහා සහභාගී විය.
මෙම අභ්‍යාසය සියලුම සහභාගිවන්නන් අතර සම්බන්ධීකරණය, සන්නිවේදනය සහ උපායශීලී ප්‍රතිචාර පරීක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා විවිධ ගිනි හා සම්බන්ධ හදිසි අවස්ථා පෙරහුරු සිදුකරන ලදි. එහිදි ජීවිත හා දේපළ අවදානම් අවම කර ගනිමින් කාර්ය මණ්ඩලයට වේගයෙන් හා කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්විය හැකි බැව්ද සනාථ කරන ලදි.