25th November 2024 22:54:46 Hours
හමුදා සම්ප්රදාය සහ අභිමානය විශිෂ්ට ලෙස ප්‍රදර්ශනය කරමින්, ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නොවැම්බර් 19 වන දින සිය 12 වන සංවත්සරය උත්කර්ෂවත් උත්සව පෙළපාලියක් සමඟින් සනිටුහන් කළේය. එදින උදෑසන 1 කාරක රෙජිමේන්තුව ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ආඥාපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.
අනතුරුව, ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ( ප්‍රධාන මාණ්ඩලික) බ්‍රිගේඩියර් බී පී ජී කේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී සහ බ්‍රිගේඩියර් (පාලන සහ භඨකාර්ය සම්පාදක) බ්‍රිගේඩියර් කේ එල් මුණසිංහ යූඑස්පී විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. පසුව එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු, ජාතියේ අනාගත අවශ්‍යතා සඳහා කැපවීම සංකේතවත් කරමින් අඹ පැලයක් එම පරිශ්‍රයේ රෝපණය කළේය.
මෙම අවස්ථාවට 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ ඒ ඩබ්ලිව් එන් එච් බණ්ඩාරනායක යූඑස්පී, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් එම් පී එම් විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, 61 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එල් එස් දයාවංශ, අණදෙන නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.