25th November 2024 22:33:19 Hours
ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද අර්ථාන්විත වැඩසටහන් මාලාවක් සමඟින් ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සිය 12 වන සංවත්සරය සමරන ලදී.
එම වැඩසටහන් මාලාවේ පලමු අංගය වශයෙන් සම්ප්‍රදායික හා ආධ්‍යාත්මික බෝධි පූජා පිංකමක් නොවැම්බර් මස 18 වන දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ලංකා අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම උත්සවයේ සදහා ශ්‍රී ජයතිලකාරාමාධිපති පූජ්‍ය ඕමල්පේ ධම්මාලෝක හිමියන් විසින් මෙම පුණ්‍ය මහෝත්සවය කාර්ය මණ්ඩලයටද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීම සඳහා ආශිර්වාද කළහ. මෙම උත්සවය ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) තුළ කෘතඥතාව, එකමුතුකම සහ අධ්‍යාත්මික ශක්තියේ චිරස්ථායී අගයන් අවධාරනය කළේය.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පරිපාලනය සහ කාර්තු, (බටහිර) ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) භඨකාර්ය සම්පාදක ආඥාපති, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සේවකයින් ද එක්ව සිටියහ.