12th November 2024 14:27:19 Hours
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 25 දින 611 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත විය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් එක්ව එතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී ආරක්ෂක සේනා ආඥාපති - බටහිර වෙත 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම බලසේනාවේ මෙහෙයුම් වගකීම්, දැනට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සහ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මකව විස්තරයක් ඉදිරිපත් කරන ලදී. අනතුරුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබූ අතර, පසුව භටපිරිස් ආමන්ත්‍රණය කර නව බලසේනා මූලස්ථානය ඉදිකිරීමට යෝජිත ස්ථානයේ නිරීක්ෂණ කටයුතු සිදු කරන ලදී.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.