29th October 2024 12:02:08 Hours
ආරක්ෂක සේනා ආඥාපති - (බටහිර) මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් මාතර තුඩාව ප්‍රදේශයේ අලුතින් ඉදිකරන ලද නිවස ප්‍රතිලාභීන් වෙත පවරාදීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 23 දින පැවැත්විණි.
යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයක් සහ මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයේ කොටසක් ලෙස ඉදිකිරිම ක්‍රියාත්මක කරණ ලදී. මේ සඳහා මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ නායකත්වයෙන් මෙන්ම 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 3(ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස්හි තාක්ෂණික දැනුම හා ශ්‍රම දායකත්වය යොදා ගනිමින් නිවසේ වැඩකටයුතු නියමිත වේලාවට නිම කිරීමට හැකිවිය.
සී.ජී. එදිරිවීර මහතා වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස සඳහා මූල්‍යමය දායකත්වය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය දේශීය පරිත්‍යාගශීලීන්ගේන් හිමිවූ අතර, නව නිවස ප්‍රතිලාභියා වෙත පවාරාදීම ප්‍රධාන ආරාධිත අමුත්තා සහ තවත් ප්‍රභූන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකරණ ලදී. අනතුරුව පවුලේ සැමට ආශිර්වාද පළ කරමින් නව නිවසට පිවිසීමේ උත්සවය සාම්ප්‍රදායික මෙන්ම ආගමික වතාවත්වලින් සමන්විත විය.
මෙම උත්සවය සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ටී.පී. ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, 613 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්. එන්. එම්. ඒ. බී. අරඹේපොල ආර්ඩබ්ලිව්පී, 3(ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ඩී.එස්. නන්දසිරි මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රතිලාභීන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූහ.