29th October 2024 11:51:43 Hours
පන්නිපිටිය ධර්මපාල විද්‍යාල පරිශ්‍රයේදී 2024 ඔක්තෝම්බර් මස 11 දින පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
මෙම උත්සවය දියගම පිහිටි මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්‍ෂණ පීඨයේ බහුකාර්ය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
සාම්ප්‍රදායික පිළිගැනීමකින් උත්සවය සමාරම්භය සනිටුහන් වූ අතර, එම විද්‍යාලීය විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු භවතුන්සහ ප්‍රධාන ශිෂ්‍ය නායකයින් විසින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රමුඛ අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් උණුසුම් අයුරින් පිළිගත්හ.
බුලත් හුරුල්ලක් පිළිගන්වමින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පිළිගැනීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය.
එම විද්‍යාලීය විදුහල්පති මහේෂිකා රූපසිංහ මහත්මිය විසින් පිළිගැනීමේ කථාව පවත්වමින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන්ට සිය ගෞරවාචාරයන් පුදකළාය.
මෙම උත්සවය අතරතුරදී, අ.පො.ස (උ/පෙළ) විභාගය විශිෂ්ඨ ලෙස සමත් වී විශ්වවිද්‍යාල වරම් ලද සිසු සිසුවියන්, අ.පො.ස (සා/පෙළ) විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසු සිසුවියන් 390 දෙනෙකු වෙත මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් සම්මාන ප්‍රදානය කරන ලදී.
එහිදී, කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය දිනාගත් ශිෂ්‍යයා වූ නිශාන්ත නදීරංග සහ 2023 වසරේ අ.පො.ස (උ/පෙළ) විභාගයේ ප්‍රථම ස්ථානය දිනාගත් අංජලී හිමාෂා ඇතුළු දක්‍ෂතා දැක්වූ තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීමට ලක්විය.