29th October 2024 11:22:35 Hours
බදාදා පුහුණු දිනයට සමගාමීව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ “රණවිරුවා” සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ සහ මේජර් සජිත් බණ්ඩාර එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් 61 පාබල සේනාංකයහි රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් හට “යුධ සාහිත්‍යය’’ සහ ‘‘සෙබල අභිප්‍රේරණය’’ පිළිබද අගනා දේශණයක් 2024.10.16 දින මෙම සේනාංක මූලස්ථානයේ දේශන ශාලාවේදී පැවැත්විය.
මෙම දේශණය 61 පාබල සේනාංකයේ කාර්‍යයේ නියුතු සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ ටී පී ද සිල්වා ආර්එස්පී පීඑස්සී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එච් ඩබ්ලිව් එම් ඒ සී ප්‍රනාන්දු ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයින් 175 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාත්මක විය.
මෙම දේශණයේ පළමු අදියර මේජර් සජිත් බණ්ඩාර එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ''සෙබල අභිප්‍රේරණය'' පිළිබදව දේශණය පවත්වනු ලැබූ අතර, එමගින් යුද හමුදාවේ නිනොනො අය, මුදල් විශුද්ධිකරණය, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ SWOT විශ්ලේෂණය වැනි වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළේය. දේශණයේ දෙවන අදියර ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පැවැත්වූ අතර එමගින් යුද බිමේ මතකයන් වේගයෙන් වියැකී ගියද, මිල කළ නොහැකි අවස්ථා සහ ඔවුන්ගේ අමිල පරිත්‍යාගයන් අමතක වී ගියද, යුද සමයේදී මාතෘ භූමියේ සැබෑ පුතුන්ගේ අසමසම සහ අනේකවිධ කැපකිරීම් ඔහු ගෙනහැර දැක්වීය. 61 පාබල සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, මාණ්ඩලික නිලධාරී 1 (පාලන/භකාස), සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සෙසු නිලයින් විශාල පිරිසක් දේශනය සඳහා සහභාගී වූහ.