27th September 2024 15:34:08 Hours
මේජර් ටී එස් පී කුමාර ආර්එස්පී ශ්‍රීලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරි 9 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික බළමුළුවේ 14 වන අණදෙන නිලධාරිවරයා ලෙස 2024 සැප්තැම්බර් මස 03 වන දින වැඩ භාරගන්නා ලදී.
නව පත්වීම් ලද අණදෙන නිලධාරිවරයා, ඒකකයට පැමිණිමෙන් අනතුරුව 9 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භඨපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී.
අනතුරුව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාරගත් අණදෙන නිලධාරිතුමන් සිය ධූරයේ වැඩ කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය. අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිට, රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් සියලු නිලයන් සමඟ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණ.
ඉන් අනතුරුව භඨපිරිස් ඇමතීමක් සිදුකල අතර, විනයෙහි වැදගත්කම සහ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා එහි අනිවාර්ය කාර්යභාරය අවධාරණය කරන ලදී. එමෙන්ම ඔහුගේ දැක්මට අදාල දැනුම බෙදාගැනීම වෙනුවෙන් ඔහුගේ අරමුණු ගෙනහැර දැක්වූ අතර, පොදු අරමුණු කරා වැඩ කිරීමට භඨපිරිස් දැනුවත් කරන ලදී.
මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.