26th September 2024 11:58:23 Hours
31 වන “Watjaree 2024” සමාප්ති උත්සවය 2024 සැප්තැම්බර් මස 17 දින රාගම බටුවත්ත මහා විද්‍යාලයේදී පැවති අතර එම අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
එම විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නිලධාරින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.
මෙම උත්සවයේදී, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර විසින් බාලදක්ෂ කඳවුරේ ඓතිහාසික වැදගත්කම සහ මූලික අරමුණු පිළිබඳ අවධාරණය කරමින් බාලදක්ෂයින් ආමන්ත්‍රණය කළේය. තරුණ බාලදක්ෂයින් නායකත්වය ගුණාංගයන් පවත්වාගැනීම පිළිබඳ දිරිමත් කිරීමට සිය දේශනය බෙහෙවින් ඉවහල් විය.
ඉන් අනතුරුව, ආරක්ෂක සේනා ආඥාපති - බටහිර “Watjaree 2024” හි විශිෂ්ඨ බාලදක්ෂයින් වෙත සම්මාන පිරිනැමීය. එහි ශූරතාවය කැලණිය ධර්මාලෝක විද්‍යාලය විසින් දිනාගත් අතර අනුශූරතාවය කඳාන ද මැසනොද් විද්‍යාලයට හිමිවිය.
“Watjaree 2024” හි සමාප්තිය සනිටුහන් කරමින් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර විසින් සමූහ ඡායාරූප කිහිපයක් සඳහා ද සහභාගී විය.