10th September 2024 08:23:12 Hours
2024 අගෝස්තු 26 වන දින, මේජර් ඒටිආර් අබේනන්දන 1 ශ්රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 13 වන අණදෙන නිලධාරියා ලෙස වැඩ භාර ගන්නා ලදී. නව පත්වීම් ලද අණදෙන නිලධාරියා බලඇණි ඇතුල්වීමේ දොරටුව අභියසදී මුරකරුවන් පිරිසක් විසින් සමිමාන මුරයක් පිරිනමන ලදී. හමුදා විධිවිධානවලින් අනතුරුව මේජර් ඒ.ටී.ආර්.අබේනන්දන මහතා සුබ මොහොතින් නිල වශයෙන් වැඩ භාර ගත්තේය. එම අවස්ථාව සනිටුහන් කරමින් ඔහු කඳවුරු පරිශ්රයේ පැළයක් රෝපණය කළේය. අනතුරුව මේජර් ඒ.ටි.ආර් අබේනන්දන භට පිරිස් අමතමින්, බළඇණියේ කාර්ය භාරය, කාර්ය භාරය සහ භට පිරිස්වල විනය පිළිබඳව අවධාරණය කළේය. නව පත්වීම් ලද අණදෙන නිළධාරියා හට බළඇණියේ නිළධාරීන් සහ සෙසු නිලයින් යන දෙපක්ෂයම සමග සුහදව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙමින් සියලුම නිළයන්ගේ තේ පැන් සංග්රහයකින් අනතුරුව උත්සවය අවසන් විය.