Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st July 2024 15:43:15 Hours

රෙජිමේන්තු සේනංකාධිපති අභියෝගතා කුසලානය 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් දිනා ගනි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපතිතුමාගේ පුර්ණ අධීක්ෂණය යටතේ 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක යූ.එස්.පී ගේ මඟපෙන්වීම යටතේ 14 වන පාබල සේනාංකය විසින් 26 වන අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය 2024 මාර්තු 26 සිට 2024 අප්‍රේල් 02 වන දින දක්වා බසේමු සහ ඒකක යටතේ කණ්ඩායම් 16 ක සහභාගීත්වයෙන් කැන්දලන්ද ක්‍රීඩා පිටියේදී පැවැත් වු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ද සහභාගී වූහ.

මූලික තරග 14 කින් අනතුරුව 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කණ්ඩායම සහ 18 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කණ්ඩායම ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර මහා තරගයේ අවසානයේ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදී.