Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th April 2024 07:11:22 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති කලටුවාව ජේතවනාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයට එක්වෙයි.

කලටුවාව ජේතවනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේට ගෞරව දැක්වීම සහ සියම් නිකායේ මල්වතු පාර්ශවයේ භික්ෂූන් වහන්සේ 100 නමක් වැඩම කර සතියක් පුරා පැවැත්වෙන ආගමික වතාවත් 2024 මාර්තු 23 වැනි දින ආරම්භ වූ අතර එහිදී එම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඝර්භය තුල ධාතු නිධානෝත්සවයද සිදු කෙරිණි.

එම උතුම් අවස්ථාවට 2024 මාර්තු 29 වන දින, ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව්එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුදා නියෝජනය සංකේතවත් කරමින් මෙම වැදගත් අවස්ථාවට සහභාගී විය. මෙම උත්සවය සඳහා බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික සහ සිවිල් කටයුතු නිලධාරී ද සහභාගී විය.