Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th April 2024 07:03:53 Hours

ආධුනික කාන්තා සෙබලියන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලා අංක - 81, විසිර යයි

ආධුනික කාන්තා සෙබලියන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලා අංක - 81 හි, විසිර යාමේ පෙළපාලිය පසුගිය සිකුරාදා (මාර්තු මස 22) දින 6 කාරක ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සරඹ භූමියේදී පැවැත්විණි.

මෙම පාඨමාලාව 2023 සැප්තැම්බර් මස 11 දින සිට 2024 මාර්තු මස 22 දින දක්වා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ආධුනික පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. විසිර යාමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී, සහභාගී විය. මෙම පෙළපාලිය ආධුනික කාන්තා සෙබලියන් 102 දෙනෙකු සහභාගී වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ආධුනික කාන්තා සෙබල කේ.කේ. ජයරත්න සෑම අතින්ම ශූර ආධුනික සෙබලිය ලෙසත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ආධුනික කාන්තා සෙබල එන්.ජී.එස්.එස්. විජේසිංහ හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් හෙබි සෙබලිය ලෙසත්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ආධුනික කාන්තා සෙබල ජී.කේ.ඩී. සෙව්වන්දි දක්ෂතම වෙඩික්කාරිය ලෙසත් සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.