Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd March 2024 11:44:25 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර 14 පාබල සේනාංක බලප්‍රදේශයේ නිළ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 පෙබරවාරි මස 12 දින 14 පාබල සේනාංක මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ එම සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් හා අණදෙන නිලධාරීන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. අනතුරුව, එම පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් සිය බලප්‍රදේශයේ වගකීම් සහ ඔවුන්ගේ කාර්යභාරයන් සබැඳිව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළේය.

මෙම සංචාරයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර 141, 142 හා 144 පාබල බලසේනාවන්, 2 (ස්වෙච්ඡා) සහ 8 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි සංචාරයේ නිරත විය.

සිය සංචාරය අතරතුරදී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් කඳවුරු තුළ ආරක්‍ෂාව කෙරෙහි ප්‍රමුඛත්වයක් ලබාදෙමින් භටපිරිස්හි විනය පවත්වාගැනීමේ වැදගත්කම, භටපිරිස් කළමනාකරණය සහ කලහකාරි අවස්ථාවන්හිදී රාජකාරි ඉටුකළයුතු ආකාරය පිළිබඳ දැනුවත් කළේය. එමෙන්ම, පසුගිය කාලවකවානුවේ සහ වර්ථමානයේදී භටපිරිස් විසින් සිදුකරනු ලබන සේවය ඇගයීමට ලක්කරන ලදී.

මෙම සංචාරය සඳහා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද එක්ව සිටියහ.