Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th February 2024 16:19:10 Hours

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට බටහිර භටපිරිස් දායකත්වය

දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (පෙබරවාරි මස 1) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.

ඒ අනුව කොළඹ ජාතික රෝහල, කලබෝවල රෝහල, හෝමාගම මූලික රෝහල, කුරුණෑගල මූලික රෝහල, අංගොඩ මූලික රෝහල, මානසික රෝහල මුල්ලේරිය, කොළඹ නැගෙනහිර මූලික රෝහල, බලංගොඩ රෝහල, ඇහැලියගොඩ රෝහල, කෑගල්ල රෝහල, බණ්ඩාරගම දිසා රෝහල යන රෝහල්වල යුද හමුදා සාමාජිකයින් සක්‍රීයව ස්ථානගත වී සිටිති. , මාතර මහ රෝහල, සහ කරාපිටිය ශික්ෂණ රෝහල්වල දෛනික කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බළකාය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය, 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 8 වන ගැමුණු හේවා බලඇණිය, 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 2 (V) ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (V) ගැමුණු හේවා බලඇණිය, 3 (V) ගැමුණු හේවා බලඇණිය, 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සහ 1 වන ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකායේ භටපිරිස් සිය දායකත්වය ලබාදෙන ලදී.