Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 19:31:40 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති 57 පාබල සේනාංකයේ සංචාරයක

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස් ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2024 ජනවාරි 19 වන දින පාන්ගොල්ල 57 පාබල සේනාංකයේ බිම් මට්ටමේ ඉදිකිරීම් නැරඹීම සඳහා ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය.

මෙම සංචාරයේදී 57 වන පාබල සේනාංකය නැවත ස්ථානගත කිරීමේ සාර්ථකත්වයට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ඔහු විශේෂ අවධානයක් යොමු කළ අතර, පරිපාලන ගොඩනැගිලි සහ නවාතැන් පහසුකම් ඇතුළුව එම ස්ථානයේ පවතින යටිතල පහසුකම් පිළිබඳව සොයා බැලීමටද කටයුතු කර ඇත. ඔහු ප්‍රදේශයේ ආරක්ෂාව ද ඇගයීමට ලක් කළේය. ඊට අමතරව, 57 වන පාබල සේනාංකයේ ඉදිකිරීම් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ඔහු වගකිව යුතු නිලධාරීන් වෙත ලබා දුන්නේය.

57 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, බ්‍රිගේඩියර් පාලන/භකාස ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම සංචාරය සදහා බටහිර ආඥාපතිවරයා සමඟ එක්ව සිටියහ.