Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

13th January 2024 21:56:54 Hours

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ බෙදා දෙයි

1 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වදුරස්ස, පොන්හිලාව, කඳුබඩගම, වීරගොල්ල, දෙකඩවල, කටුගම්පොල, සහ මාඑළිය දකුණ යන ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ සහ සෙල්ලම් බඩු ආදිය බෙදාදීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ‘Hemas Foundations’ (PVT) Ltd සහ දානපතියන් පිරිසක් අනුග්‍රාහකත්වය ලබා දුන් අතර, ඒ සඳහා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, 143 පාබල බලසේනාවේ සේනාවිධායකතුමන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ද සහභාගී වූහ.