Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd December 2023 13:02:14 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති පානළුව බළඇණිය පුහුණු පාසෙලහි සංචාරයක නිරත වෙයි.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී විඒස්වී යුඒස්පී ඒන්ඩියු යන ‌ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 දෙසැම්බර් 12 වන දින පානලුව බළඇණි පුහුණු පාසෙලහි සංචාරයක නිරත විය.

මෙම සංචාරයේදී බලඇණි පුහුණු පාසලේ පුහුණුවීම් සාර්ථකත්වයට බලපාන ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව ඔහු දැඩි අවධානයක් යොමු කළේය. විශේෂයෙන්ම, පුහුණු භූමිය, පරිපාලන ගොඩනැගිලි සහ නවාතැන් පහසුකම් ඇතුළුව එම ස්ථානයේ පවතින පහසුකම් පිළිබඳව ඔහු දැඩි උනන්දුවක් දැක්වීය. තවද ඔහු ඒම ප්‍රදේශයේ ආරක්ෂාව ද ඇගයීමට ලක් කළේය.

බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් (පාලන/භකාස) ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) ඉංජිනේරු බළකායේ මධ්‍යස්ථාන සේනා විධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක්ද ආඥාපති තුමන් සමග මෙම සංචාරයට ඒක්විය.