Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th November 2023 09:47:42 Hours

උඩවෙල, හොරන්කදුරු ප්‍රදේශයේ ඇති වූ නායයෑමෙන් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයින්ගේ සිරුරු සොයාගැනීමට යුද්ධ හමුදාවේ සහයෝගය

දින කිහිපයකට ප්‍රථම බලංගොඩ, උඩවෙල, හොරන්කදුරු ප්‍රදේශයේ ඇතිවූ නායයෑමෙන් එම ප්‍රදේශයේ ජීවත් වූ පවුල් රැසක් අවතැන් වූ අතර පසුගිය අඟහරුවාදා (14) දින රාත්‍රියේ 61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනාවට අයත් 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම මුදවාගැනීමේ මෙහෙයුමේදී එකම පවුලේ මව්පියන් දෙදෙනා සහ දියණියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගනු ලැබීය.

අයහපත් කාලගුණික තත්ත්වයෙන් ඇති වූ නායයෑමක් හේතුවෙන් පස්වලට යටවී කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ පුද්ගලයින් හතර දෙනකු මෙලෙස ජීවිතක්‍ෂයට පත් වූ අතර පසුගිය ඉරිදා (12) දින රාත්‍රියේ සිට අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කළ නමුත් ඔවුන්ගේ සිරුරු සොයාගැනීමට නොහැකි විය. අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද යුද්ධ හමුදා භටපිරිස් ඔවුන්ගේ දේහයන් සොයාගන්නා තෙක් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන ලදී.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් අඛණ්ඩ මෙහෙයුම් දියත් කරමින් ජීවිතක්‍ෂයට පත් පුද්ගලයින්ගේ දේහයන් සොයාගනු ලැබීය.