Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th November 2023 07:07:12 Hours

බටහිර භට පිරිස් ''යුධ සාහිත්‍යය'' සහ සෙබල අභිප්‍රේරණය'' පිළිබඳ අගනා දේශනයකට සහභාගී වෙයි.

බදාදා පුහුණු දිනයට සමගාමීව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ “රණවිරුවා” සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ සහ මේජර් සජිත් බණ්ඩාර එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් හට “යුධ සාහිත්‍යය’’ සහ ‘‘සෙබල අභිප්‍රේරණය’’ පිළිබද අගනා දේශණයක් 2023.11.08 දින 4 වන කාලතුවක්කු රෙජිමේන්තු සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා ඇත.

මෙම දේශණය ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එච් කේ එස් පීරිස් ආර්ඩබිලිවිපී ආර්එස්පී යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ ටී පී ද සිල්වා ආර්එස්පී පීඑස්සී එන්ඩියුයන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයින් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව ක්‍රියාත්මක විය.

මෙම දේශණයේ පළමු අදියර මේජර් සජිත් බණ්ඩාර එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ''සෙබල අභිප්‍රේරණය'' පිළිබදව දේශණය පවත්වනු ලැබූ අතර, එමගින් යුද හමුදාවට නොපැමිණි අය, මුදල් විශුද්ධිකරණය, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ SWOT විශ්ලේෂණය වැනි වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළේය. දේශණයේ දෙවන අදියර ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පැවැත්වූ අතර එමගින් යුද බිමේ මතකයන් වේගයෙන් වියැකී ගියද, මිල කළ නොහැකි අවස්ථා සහ ඔවුන්ගේ අමිල පරිත්‍යාගයන් අමතක වී ගියද, යුද සමයේදී මාතෘ භූමියේ සැබෑ පුතුන්ගේ අසමසම සහ අනේකවිධ කැපකිරීම් ඔහු ගෙනහැර දැක්වීය. ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් ප්‍රධාන මාණ්ඩලික, කර්නල් පාලන/භකාස, සහකාර කර්නල් සමිබන්ධීකරණ (සෙව්), ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් දේශනය සඳහා සහභාගී වූහ.