Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th October 2023 12:36:32 Hours

61 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසේ

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් හා 9 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 15) දින ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල 5ශ්‍රෙණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසු සිසුවියන් වෙනුවෙන් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසාදෙනු ලැබීය.

ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි පාසල් හයක සිසු සිසුවියන් 22 දෙනෙකු වෙත එදින උදෑසන යුද්ධ හමුදාවේ යුනි බෆල් රථ, බෝට්ටු, කැබ් රථ සහ ට්‍රකි රථ යොදා ගනිමින් අවශ්‍ය වාහන පහසුකම් සලසාදෙනු ලැබිණි.