Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th October 2023 12:17:54 Hours

61 පාබල සේනාංකය සහ ගාල්ල සිදුහත් පදනම සමග එක්ව අවතැන් වූවන්ට අවශ්‍යතා ලබාදීමේ වැඩසටහනක් සම්බන්ධීකරණය කරයි

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ගාල්ල සිදුහත් පදනමේ කහගොල්ලේ සෝමරතන හිමියන් විසින් ගංවතුර හේතුවෙන් විපතට පත් වූ සාමාජිකයින් 242 දෙනෙකු හට සනීපාරක්ෂක තුවා පැකට් 200 ක් සහ පානීය ජල බෝතල් 1000 ක් බෙදා දීමේ වැඩසටහනක් සිදුකර ඇත.

තවද 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිවරයා විපතට පත් පුද්ගලයින්ගේ නිවෙස් සහ දේපළ වෙත ගොස් ඔවුන් මුහුණ දෙන අනෙකුත් දුෂ්කරතා පිළිබඳව ද අවධානය යොමු කළ අතර මේ සදහා 613 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3 (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ද මෙම වැඩසටහනට සහභාගී විය.