Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th October 2023 10:22:37 Hours

නික්ම යන ආඥාපතිතුමන් හට ආරක්ෂ ක සේනා මුලස්ථානය (බටහිර) භට පිරිස් ආචාර පුද කරති

ආරක්ෂරක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් යූ.ඩී. විජේසේකර ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිසි පිඑස්සි, යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ඔක්තෝබර් මස 06 වන දින නික්ම යෑම නිමිත්තෙන් ආසේමු (බටහිර) විශේෂ ප්‍රභුසම්මාන ආචාර මුරයක් හා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.

නික්ම යන ආරක්ෂ්ක සේනා (බටහිර) ආඥාපති තුමන් හට විශේෂ ප්‍රභුසම්මාන ආචාර මුරයක් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ලබාදීමෙන් අනතුරුව නික්ම යන ආඥාපතිවරයාට සහ ඔහුගේ අණ යටතේ සේවය කරනු ලැබූ නිලධාරීන් හට අමතක නොවන මතකයක් සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට සහභාගී වූ අතර ඉන් පසු තේ පැන් සංග්‍රහයටද එක්වෙමින් භට පිරිස් අමතමින්, තම සේවා කාලය තුළ ඔවුන් කළ වටිනා සේවයට කෘතඥතාව පළ කළේය.

අනතුරුව, ඔහුගේ විශිෂ්ට නායකත්වය සහ කැපවීම අගය කිරීමේ සංකේතයක් ලෙස සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. නික්ම යන ආඥාපතිවරයා වෙත කෘතඥතාව සහ ගෞරවය නිරූපනය කරමින් සහ රාජකාරිය සඳහා ඔහුගේ කැපවීම අගය කරමින් එම සංකේතාත්මක අභිනයන් ප්‍රධානය කරන ලදී.

එදිනම සවස ආරක්ෂයක සේනා මූලස්ථානයේ (බටහිර) නිලධාරී නිවස්න පරිශ්‍රයේදී, නික්ම යන ආඥාපතිවරයා හට උපහාර පිණිස සාම්ප්‍රධායික සමුගැනීමේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පාබල සේනාංක, පාබල බලසේනා සහ ඒකකවල නිලධාරීන් විසින් පිරිනමන ලදී.