Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th October 2023 09:24:19 Hours

61 වන පාබල සේනාංක බලප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල යුද හමුදාපති තුමන් සහ ජ්‍යෙඨ නිලධාරීන් ආපදා සහන මෙහෙයුම් සඳහා සංචාරයක නිරත වෙයි

අධික වර්ෂාවත් සමඟ ඇති වූ විපත් සහ මහජන ජීවිත හා දේපළ හානි පිළිබඳව අවධානයෙන් සිටින යුද හමුදා සාමාජිකයින් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල මිනිසුන් ඉවත් කිරීම්, මුදාගැනීම් සහ සහන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

එමේන්ම මාතර, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවල ගංවතුරෙන් කොටු වූවන් සඳහා ආහාර පිළියෙළ කිරීම සහ බෙදා හැරීම ඇතුළු ගංවතුර සහන මෙහෙයුම් සඳහා 9 වන සිංහ රෙජිමේන්තුව සහ 3 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භට පිරිස් සහය දක්වයි.

මෙම ආපදා තත්ත්වයෙන් තවදුරටත් භට පිරිස් මෙම දේශවලට බෝට්ටු, ට්‍රැක්ටර් සහ ට්‍රක් යොදා ගනිමින් ගල්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිනිසුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා පහසුකම් සැලසීමේ මෙහෙයුම්වල නිරත විය.

යුද හමුදාපතිතුමන් සහ ආරක්ෂක සේනා මුලස්ථානය ( බටහිර) ආඥාපති ඇතුළු ජේ්‍යෂ්ඨ නිලධාරීන් සමඟ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සුහද සංචාරයක නිරත වූ අතර යුධ හමුදාපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් තවදුරටත් ලබාදිය යුතු සහය පිළිබඳව රජයේ නිලධාරීන් සහ බලධාරීන් සමඟ සාකච්ඡා කර ගංවතුර සහන සේවා කටයුතු තවදුරටත් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.