Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

04th October 2023 09:45:15 Hours

144 පාබල බලසේනාව විසින් ලෝක ළමා දිනයට සමගාමිව ප්‍රජා සත්කාර වැඩසටහන් සිදු කරයි

2023.10.01 දිනට යෙ‍දුන ලෝක ළමා දිනයට සමගාමීව ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපතිතුමාගේ සංකල්පයකට අනුව 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ අධික්ෂණයෙන් 10 වන ශ්‍රි ලංකා ආරක්ෂක බළමුළුවේ දායකත්වයෙන් බත්තරමුල්ල නාගරික වැඩිහිටි හා ළමා නිවාසයේ රැකවරණය ලබන වැඩිහිටියන් සහ ළමුන් සඳහා දිවා ආහාරය, පාසල් උපකරණ සහ ටී ෂර්ට් බෙදාදීමක් සිදුකරන ලදි.

මෙම වැඩසටහන සඳහා 144 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.එල්.සි. විජේනායක ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පිජ්‍යෙෂ්ඨ නිලධාරි හා 144 පාබල බසේමු සිවිල් සමිබන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ජේ.එන්.පි. ලියනගම ශ්‍රිලපාහ, 10 ශ්‍රිලං ඒකක අණදෙන නිලධාරි සහ සෙසුනිලයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදි.