Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th September 2023 19:51:17 Hours

දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ චූඩා මාණික්‍ය හා සර්වඥ ධාතූන් වහන්සේලා කැළණීය රජමහ විහාරයේ සිට කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීමට 142 වන පාබල බළසේනා මුලස්ථාන භඨ පිරිස් සහය දක්වයි

ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපා ර් තමේන්තුවේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිවන දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පැළඳවීමට නියමිත චුඩාමාණික්‍ය සහ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා බැතිමතුන් හට වන්දනාමාන කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම දිවයින පුරා පිහිටි ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයන්හීදි සිදුකරමින් පවත්වන අතර, එම ධාතූන් වහන්සේලා කැළණිය රජමහා විහාරයේ සිට කොළඹ ගංගාරාම විහාරස්ථානය දක්වා වැඩම කරවීම 2023.09.03 වන දින සිදුකරන ලදි.

තවද, එම අවස්ථාව සඳහා ආරක්‍ෂාව ලබාදීම හා එහි විවිධ කටයුතු වෙනුවෙන් ශ්‍රම දායකත්වය ලබාදීම ආසේමු (බටහිර) ආඥාපති මේජර් ජෙනරල් යූඩී විජේසේකර ආ ර් ඩබිලිව්පි ආ ර් එස්පි යූඑස්පී ආ ර් සිඩිඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීමේන්, 14 පාබල සේමු සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේඒඩබ්ලිව්එන්එච් බංඩාරනායක යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත 142 පාබල බසේමු බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේකේ ආ ර් පි ජයසිංහ ආ ර් ඩබිලිව්පි ආ ර් එස්පි යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ 14 වන විජයබාහු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් පිජිකේඑස් තිලකරත්න ආ ර් ඩබිලිව්පි ආ ර් එස්පි යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මූලිකත්වයෙන් 14 විජයබාහු රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් විසින් සිදුකරන ලදි.