Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

05th September 2023 18:15:16 Hours

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ගිනි නිවීමි පුහුණු කරුවන් පුහුණු කිරි‌මේ පාඨමාලවක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානයේ උපදෙස් මත ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ මඟපෙන්වීම මත කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව හා අනුබද්ධිතව " ගිනි නිවීමේ පුහුණු කරුවන් පුහුණු කිරිමේ " තෙදින පාඨමාලාවක් 2023 සැප්තැම්බර් 01 වන දින සිට 03 වන දින දක්වා මත්තේගොඩ ඉංජිනේරු සේනාංක කදවුරු කොට්ඨාස පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මේ සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන සියලුම යුද හමුදා පුහුණු පාසල් ආවරණය වන පරිදි නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 46 දෙනෙකු සහභාගී වු අතර, ගිණි නිවිමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිණි නිවිමේ කමල් විල්සන් මහතා ද, කොළඹ ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ පුහුණු පාසලේ උපදේශකවරුන් වන රන්ජන් කුමාර මහතා සහ රසික අබේවික්‍රම යන උපදේශකයින් විසින් ගිනි නිවීමේ මුලික සිද්ධාන්ත සහ ප්‍රායෝගික යන අංශයන් පිළිබද පාඨමාලාවේ සිසුන් දැනුවත් කරන ලදී.

මෙම පාඨමාලාව තුලින් ලද දැනුම උපයෝගි කරගෙන මෙම නිළධාරින් හා සෙසුනිලයින් හට තමන් අයත් බලප්‍රදේශයේ භඨපිරිස් වෙත ගිනි නිවීම් පිළිබද දැනුවත් කිරිමට හැකියාවක් ලැබේ.