Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd August 2023 18:19:25 Hours

යුද්ධ හමුදා සෙබළුන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා දේශණයක්

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 144 පාබල බලසේනාව වෙතින් 2023.08.10 වන දින යුද්ධ හමුදා සෙබළුන්ගේ දැනුම වර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රධාන කොමසාරිස් මහනුවර ජීවන මාර්ගෝපදේශණ ඒකකයේ අනුශාසක මධ්‍යම පළාත් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ සභාපති විශෙෂඥ වෛද්‍ය ජේඑම් නිලාම් MIBBS DCH MD මහතා විසින් විශේෂ දේශණයක් 2 (සෙවි) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකක දේශණ ශාලාවේදී පවත්වා ඇත.

මෙම දේශණය සදහා 144 පාබල බළසේනාවේ සහ යටතේ පාලනය වන ඒකක භට පිරිස් 150 ක පමණ සහභාගිත්වයෙන් සිදුකර ඇති අතර, එම දේශණය තුලින් හමුදා සාමාජිකයින්ගේ රාජකාරි මෙන්ම සිවිල් ජීවිතය සමබරව පවත්වාගෙන යාම සහ රාජකාරියේදී පැන නගින පොදු මානසික ආතතියන් දුරුකරලීමේ නව ක්‍රමවේදයන් ඇතුලත් වන පරිදි නිරෝගී මනසක් යනු කුමක්ද, නිරෝගී මනසක් පවත්වා ගන්ගේ කෙසේද, ජීවිතයට බලපාන පොදු හැගීම්, හැගීම් තාර්කිකව කළමණාකරණය කිරීම, තරගකාරී සමාජයක සමබර මානසිකත්වයෙන් ජීවත්වීම, පවුල් සංකල්ප සහ විවාහ ජීවිතයේ වටිනාකම හා රැකියාවෙන් මානසික තෘප්තිය ලගාකර ගැනීම යන මාතෘකා යටතේ දේශණය සිදුකරන ලදි.

තවද, එම දේශණය ශ්‍රී ලංකා ශාන්ත ජෝන් ගිලන්රථ සේවයේ ගමිපහ දිස්ත්‍රික් කොමසාරිස් රුවන් ශ්‍රී බාලසූරිය මහතා 144 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිළධාරී තුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරින් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකරන ලදී.